සාමාන්‍ය මගී ගුවන්යානයකින් ජනපති රුසියාවට

Wednesday, 22 March 2017 - 17:25

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
රුසියාවේ ආරාධනයකින් තෙදින සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනපති මෛත්‍රිපාල සිරිසේන සාමාන්‍ය මගී ගුවන් යානයකින් ගමන් කළ බව වාර්තා වේ.

ගුවන් තොටුපලේ හමුදා උත්තමාචාර ලබා දීමට නම් ජනපති හා අදාළ දූත පිරිස ඔවුන්ට ම වෙන් වූ ගුවන් යානයකින් පැමිණිය යුතු බව රුසියානු ආණ්ඩුව දන්වා තිබුවද ජනපති සාමාන්‍ය ගුවන් යානයකින් පිටත්ව ගොස් තිබේ.

වෙනමම ගුවන් යානයකින් ගමන් කළේ නම් රුපියල් කෝටි 2කුත් ලක්ෂ 75ක් පමණ වැය වන බව තතුදත් ආරංචි මාර්ග කියාසිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලූ දූත පිරිස මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟාවුණා.

එරට රජය වෙනුවෙන් රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුලූ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

වසර 43 කට පසුවයි මෙරට රාජ්‍ය නායකයකු රුසියාවේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරතවන්නේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර නිල සාකච්ඡා හෙට දහවල් මොස්කව් නගරයේ ක්‍රෙම්ලින් මන්දිරයේදි පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදි ආර්ථික, වෙළඳ මෙන්ම දේශපාලන හා සංස්කෘතික සබඳතා සවිමත් කරන අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories