update - බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මරුට

Wednesday, 22 March 2017 - 20:50

update+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු වෙඩි තැබීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයා සහ තවත් කාන්තාවක්.

තියුණු ආයුධයක් අතැතිව  සිටි පුද්ගලයා එහි සිටි තවත් පිරිස් වෙත පහරදී ඇතැයි සඳහන්.

ඒ ඔහු මෝටර් රථයක් ධාවනය කරමින් පැමිණ එය ආරක්ෂිත වැටක ගැටීමට ද සැලැස්වීමෙන් පසුවයි.

මෙහිදී තුවාල ලැබු කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

එරට මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට වෙස්ට්මිනිස්ටර් ප්‍රදේශය තහනම් කලාපයක් ලෙස නම් කර ඇති බවයි.

ලන්ඩන් පොලිසිය ප්‍රකාශ කළේ එරට වේලාවෙන් දහවල් 2.30 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණය අසල වෙස්මිනිස්ටර් පාලම මතදී මෙම සිද්ධිය වාර්තා වූ බවයි.

එම අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ සැසිවාරයක් පැවැත්වෙමින් තිබුණා.

update : wednesday, 22 march 2017 - 22.37
----------------------------------------------------------------------------------

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සිටි පොලිස් නිලධාරියෙකුට කිසියම් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

අනතුරුව සැකකරුට පොලිසිය විසින් වෙඩි තබා ඇතැයි විදෙස් පුවත් සේවාවල සඳහන්.

එහිදී ඔහු මරණයට පත්ව තිබෙනවා.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසට සලකා පරීක්ෂණ සිදුකරන බවයි බ්‍රිතාන්‍ය පොලිසිය සඳහන් කර ඇත්තේ.

මේ අතර මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 12 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ආරක්ෂක අංශ උපදෙස් ලබාදී ඇත්තේ පිටතට නොපැමිණ ඇතුලත රැඳී සිටින ලෙසටයි.

වෙඩි ශබ්ද 4 ක් පමණ තමන්ට ඇසුනු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශකර තිබෙනවා.

මේවන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩිකර ඇතැයි සඳහන්.

මෙම සිද්ධියෙන් පසු අග්‍රමාත්‍ය තෙරේසා මේ ආරක්ෂිතව පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් ඇයට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවයි ආරක්ෂක අංශ තහවුරු කර ඇත්තේ.

මේ අතර පොලිසියේ ඉල්ලීම මත වෙස්මිනිස්ටර්හි භූගත දුම්රිය ස්ථානය ද වසා දමා තිබෙනවා.

update : wednesday, 22 march 2017 - 21.23
----------------------------------------------------------------------------------

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිටත වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබෙන්නේ පිහියක් අතින් ගත් පුද්ගලයෙකු ද මෙම වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට ඇති බවයි.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් පිටතට නොයන ලෙස දැන්වා තිබෙනවා.

විදෙස් පුවත් සේවා සඳහන් කළේ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories