සමයං ඝාතනය කළ හැටි බන්ටි වමාරයි - තවත් පාතාල කල්ලි සාමාජිකයින්ගේත් තොරතුරු එළියට

Thursday, 23 March 2017 - 7:17

%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%82+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
පාතාල නායක සමයං ඇතුළු 07 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුප්පුගේ චතුරංග පුෂ්පකුමාර මෙන්ඩිස් හෙවත් ‘‘බන්ටි’’ නැමැත්තා මේ මස 27 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය, කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබාදී තිබෙනවා.

ඒ, සැකකරු ඊයේ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු පෙරේදා රාත්‍රියේදී අත්අඩංගුවට ගැනුනේ සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟවී සිටියදියි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් මොහු ප්‍රශ්න කිරීම්වලදී ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ ප්‍රහාරය සඳහා 10 දෙනෙකු පමණ පැමිණ ඇති බවයි.

ප්‍රහාරයට නායකත්වය ලබාදී ඇත්තේ අංගොඩ ලොක්කා නැමැත්තා වන අතර ඔහු  පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සහ අනෙක් 9 දෙනා බන්ධනාගාර නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රහාරයට දකුණේ පාතාල නායකයෙකු වන මධුෂ් නැමැත්තාගේ ගෝලයින්ද සහභාගිවී තිබෙනවා.

මේ වනවිට ප්‍රහාරයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟවී සිටින බවයි සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ.

සමයං ඇතුළු රැදවියන් පිරිසක් අධිකරණය වෙත රැගෙන යමින් සිටි බන්ධනාගාර බස්රථ දෙකට පසුගිය පෙබරවාරි මස 27 වනදා මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර, එහිදී සමයං ඇතුළු රැදවියන් 05 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories