මල්වානේ නිවස සහ ඉඩම පිළිබඳ තීරණය අද

Thursday, 23 March 2017 - 8:01

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන මල්වානේ පිහිටි නිවස සහ ඉඩම සම්බන්ධයෙන් වන තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම නඩුව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනෙනවා.  

මල්වානේ පිහිටි මෙම නිවස සහ ඉඩම මහජන සුබසිද්ධිය සඳහා යොදවන බව නීතිපතිවරයා දන්වා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය 20 වනදා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව පූගොඩ මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර නියෝග කළේ මේ මස 29 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම ඉඩම වෙන්දේසියේ විකිණීම අත්හිටුවන ලෙසටයි.   

අක්කර 16කින් සමන්විත මෙම ඉඩමෙහි වටිනාකම රුපියල් විසිකෝටි අසූ ලක්ෂයක් බවට ද රජය තක්සේරු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories