දරුවන් පස් දෙනෙකුට පියෙකු අහිමි කළ අත් ට්‍රැක්ටර් මාරයා

Thursday, 23 March 2017 - 11:07

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F
සී සාමින් සිටියදී  අත් ට්‍රැක්ටරයකට යටවී මිය ගොස් ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ සිරුරක්  නාත්තන්ඩිය ප්‍රදේශයේ වෙල්යායක තිබී හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය, පිලාකටුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පස් දරු පියෙක්.

ඊයේ (22)  සවස මෙම පුද්ගලයා කුඹුරට ගොස් ඇති අතර නැවත ඔහු නිවසට නොපැමිණි බවයි ඔහුගේ ඥාතීන් පවසා  ඇත්තේ.

පසුව අද උදෑසන සිදුකළ සොයා බැලීමකදී මියගොස් සිටි මෙම පුද්ගලයාගේ සිරුර හමුවී තිබෙනවා.

මාරවිල පොලීසිය පවසන්නේ කුඹුර සී සාමින් සිටින අවස්ථාවේ අත් ට්‍රැක්ටරය ගසක ගැටී පසුපසට වේගයෙන් ඇදී ගොස් ඇති බවත්, ඒ සමඟම අත් ට්‍රැක්ටරයට එම පුද්ගලයා යටවී ඇති බවට සැක කළ හැකි බවයි.

මහවැව හදිසි මරණ පරීක්ෂකවරයා  සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර මාරවිල මූලික රෝහලට ගෙන  බවයි අප වාර්තාකරු පැවසුවේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories