ඉන්දියාවම කළඹමින් උපත ලද දරුවා (ඡායාරූප)

Thursday, 23 March 2017 - 11:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD+%E0%B6%BD%E0%B6%AF+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වෙනස් පෙනුමක් සහිත දරුවෙකු ඉන්දියාවේදී උපත ලබා තිබෙනවා.

පසුගිය සඳුදා රාත්‍රියේදී 35 හැවිරිදි කලීඩා බෙන්ගුම් නම් කාන්තාවක් දාව මෙම දරුවා උපත ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

විශාල ඇස් දෙකක් සහිත අමුතු හැඩයකින් යුක්ත විශාල හිසක් මෙම පිරිමි දරුවට පිහිටා ඇති බව සදහන්.

මෙම දරුවාගේ පෙනුම දුටු එම මව මහත් කම්පනයට පත්ව ඇති අතර ඇය මෙම දරුවාට මව් කිරි දීමද  ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉන්දීය වැසියන් විශ්වාස කරන්නේ මෙම කුඩා දරුවා දෙවි කෙනෙක් බවටයි.

ජාන විකෘති තාවයක් හේතුවෙන් මෙම දරුවා මෙලෙස විකෘතිතාවයකින් යුක්තව බිහිවී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මේ වන විට එම දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඇතැම් ඉන්දීය වැසියන් මෙම දරුවාට පුද පුජා පැවැත්වීමද පවත්වන බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories