බ්‍රිතාන්‍ය ත්‍රස්ත ප්‍රහාරය ලෝක නායකයින් හෙළා දකී

Thursday, 23 March 2017 - 13:34

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයට ඊයේ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ප්‍රංශය, ජර්මනිය ඇතුලු ලෝක නායකයන් රැසක් හෙළා දැක තිබෙනවා.

ප්‍රංශයේ ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඩේ ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධියත් සමඟ ලෝක ත්‍රස්තවාදය පිළිබඳ අවධානය තවදුරටත් පුළුල් විය යුතු බවයි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ පිරිස් පිළිබඳ කඩිනමින් අනාවරණ කරගත යුතු බවත් ලෝක ත්‍රස්තවාදය මුළිනුපුටා දැමීමට පියවර ගත යුතු බවත් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයට ඊයේ එල්ලවූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගියා.

ඊට බ්‍රිතාන්‍ය ආරක්ෂක නිලධාරියෙකු සහ කාන්තාවක්ද ඇතුළත්.

මෙම ප්‍රහාරයෙන් පසුව ලන්ඩන් නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර අවට මාර්ග සියල්ල වසා දමා ආරක්ෂාව දැඩි කිරීමටද පියවර ගෙන තිබුණා.

මේ අතර ප්‍රහාරයෙන් පසුව ලන්ඩන් නගරාධිපති සිද්ධික් ඛාන් පවසා තිබුණේ මෙවැනි ත්‍රස්ත ප්‍රහාර ලොව සැමතැනම සිදුවන අතර එය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති බවයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයා දැඩි විවේචනයක් එල්ල කර තිබුණා.

ඔහු සඳහන් කර ඇත්තේ ලන්ඩන් නගරාධිපතිවරයා එලෙස ත්‍රස්තවාදය සාමාන්‍ය දෙයක් ලෙස නිර්වචනය කිරීම පිළිබඳව කණගාටුව පළ කරන බවයි.

 

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories