විනය විරෝධීව හැසිරෙන පාසල් සිසුන්ට ගන්නා විනය ක්‍රියාමාර්ග ගැන සම්පූර්ණ වාර්තාවක් අධ්‍යාපන ඇමති ඉල්ලයි

Thursday, 23 March 2017 - 13:59

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පාසල් ක්‍රිකට් තරඟ සහ වෙනත් අවස්ථාවලදී විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් අදාළ විද්‍යාලවල විදුහල්පතිවරුන් ගන්නා විනය ක්‍රියාමාර්ග සම්බන්ධව තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විදුහල්පතිවරුන්ට නියෝග කර තිබෙනවා.

පසුගිය දා කොළඹ ප්‍රදේශයේ බාලිකා පාසලකට වෙනත් බාලක පාසල් කීපයක සිසුන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල් වීමේ සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙම නියෝග කර ඇති බව සදහන්.

මහජනතාවට පීඩාවන අයුරින් විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා නියෝහ කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව පාසල්වල සිදුවන විනය විරෝධි සිදුවීම් හැකිතාක් අවම කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් මෙවැනි සිදුවීම් ඇති නොවීම සඳහා පොලීසිය සමඟ සහයෝගීව කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම ඇතැම් විනය විරෝධී කටයුතු සඳහා පාසල්වල ආදි ශිෂ්‍යයන් ද සම්බන්ධ වන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව සදහන්.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories