උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප

Thursday, 23 March 2017 - 15:05

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළ බවට චෝදනා එල්ල වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද අධිකරණය ඇප ලබාදුන්නා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ හමුවේ නඩුව කැදවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතයි උන්වහන්සේ මුදා හරිනු ලැබුවේ.

ඉකුත් නඩු දිනයේදී අධිකරණයට නොදන්වා විදේශ ගත වීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කළා.

කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම මගින් තමන්ට පීඩාවක් සිදුවන බවට පරිසර යුක්ති කේන්ද්‍රය සහ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුලූ පිරිසක් මෙම නඩුව ගොනුකර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories