බ්‍රිතාන්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට

Thursday, 23 March 2017 - 16:07

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවතම විදෙස් වාර්තා සදහන් කළේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේදී ඊයේ එල්ලවූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගියා.

මේ අතර අද පෙරවරුවේ බ්‍රිතාන්‍ය පුරා වැසියන් විනාඩියක නිශ්ෂබ්දතාවක් ද පවත්වනු ලැබුවා.

ඒ මෙම ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරියාට ශෝකය පළ කිරීමක් වශයෙන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් හෙළිකරගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.

ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතින බව සඳහන්.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයට ඊයේ එල්ලවූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගියා.

ඊට බ්‍රිතාන්‍ය ආරක්ෂක නිලධාරියෙකු සහ කාන්තාවක්ද ඇතුළත්.

මෙම ප්‍රහාරයෙන් පසුව ලන්ඩන් නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර අවට මාර්ග සියල්ල වසා දමා ආරක්ෂාව දැඩි කිරීමටද පියවර ගෙන තිබුණා.

මේ අතර ප්‍රහාරයෙන් පසුව ලන්ඩන් නගරාධිපති සිද්ධික් ඛාන් පවසා තිබුණේ මෙවැනි ත්‍රස්ත ප්‍රහාර ලොව සැමතැනම සිදුවන අතර එය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති බවයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයා දැඩි විවේචනයක් එල්ල කර තිබුණා.

ඔහු සඳහන් කර ඇත්තේ ලන්ඩන් නගරාධිපතිවරයා එලෙස ත්‍රස්තවාදය සාමාන්‍ය දෙයක් ලෙස නිර්වචනය කිරීම පිළිබඳව කණගාටුව පළ කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories