ශ්‍රී ලංකා රුසියා ජනපතිවරුන් අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹේ

Thursday, 23 March 2017 - 17:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
රුසියාවේ තුන්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ද්විපාර්ශවිය සාකච්ජා අද (23) පස්වරුවේ ආරම්භ වුණා.

මොස්කව් නුවර කේ‍්‍රම්ලීන් මන්දිරයේදි එම සාකච්ඡා ආරම්භ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. අදාල ද්වි පාර්ශවීය සාකච්ඡා වලින් පසු දෙරට අතර ආර්ථික වෙළද මෙන්ම දේශපාලන හා සංස්කෘතික සබදතා සවිමත් කරන අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබිමට නියමිතව තිබෙනවා.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මොස්කව් රතු චතුරස‍්‍රයේ පිහිටි නාදුනන සොල්දාදුවාගේ ස්මාරකය වෙත ද අද (23) පුෂ්පෝපාහාර දක්වනු ලැබුවා.

දෙවන ලෝක යුද්ධයේදී මියගිය ලක්ෂ 20 ක් පමණ වන සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස මෙම ස්මාරකය ඉදිකර තිබෙනවා.

මොස්කව් නගරයේ හමුදා අණදෙන නිළධාරියා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදි පිළිගනු ලැබුවේ විශේෂ හමුදා උත්තමාචාරයක් ද පිරිනමමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories