ලන්ඩනයට ප්‍රහාර එල්ල කළේ කාලිඩ් මසූඩ්

Friday, 24 March 2017 - 7:38

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B7%83%E0%B7%96%E0%B6%A9%E0%B7%8A
ලන්ඩන් පුරවරයට ඊයේ (23) ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළේ බ්‍රිතාන්‍යයේ උපත ලද කාලිඞ් මසූඩ් නමැති 52 හැවිරිදි පුද්ගලයා බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.

ඔහු මීට පෙර අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය එම්.අයි. 5 රහස් පොලිසිය මගින් ප්‍රශ්න කරනු ලැබූ පුද්ගලයෙක්.

මේ අතර, ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් ද ඊයේ නම් කරුණා.

ඉන් එක් අයෙකු 54 හැවිරිදි ඇමරිකානු සංචාරකයෙකු බව සඳහන්.

ලන්ඩන් ප්‍රහාරයෙන් ප්‍රහාරකයා ඇතුළු 4 දෙනෙකු මියගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 40 කට අධිකයි.

අයි.එස් සංවිධානය ඊයේ මෙම ප්‍රහාරයේ වගකීම භාරගනු ලැබුවා.

ත්‍රස්ත ප්‍රහාරයට අනුබල දුන්නේ යැයි සැක පිට කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories