ත්‍රිරෝද රථයක් පැහැරගෙන යමින් සිටි තරුණියක ඇතුළු 3 දෙනෙකු තඹුත්තේගමදී අත්අඩංගුවට

Friday, 24 March 2017 - 7:57

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B6%B9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අනුරාධපුරය තඹුත්තේගම නගරයේදී පුද්ගලයෙකුට පහරදී ඔහු සතු ත්‍රිරෝද රථය පැහැර ගෙන යමින් සිටි තරුණියක ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු තලාව පොලිසිය අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයක් පැහැර ගෙන යාම පිළිබඳව පොලිස් මූලස්ථානයට ලද හදිසි තොරතුරකට අනුවයි මාර්ග බාධක යොදා මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් කැළණිය, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් වයස අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

නිවස්වලින් නික්මී මෙම පෙම්යුවළ අනුරාධපුර - ගල්නෑව ප්‍රදේශයේ දින කිහිපයක් ගත කර ඇති අතර, ඉන් පසුව ගමනක් යාම සදහා මෙම ත්‍රිරෝද රථය යොදා ගෙන තිබෙනවා.

එහෙත් ගමන අතරතුර තවත් තරුණයෙකුගේ සහායෙන් ත්‍රිරෝද රථයේ රියදුරාට පහරදී එය රැගෙන පලාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති මෙම තරුණයන් දෙදෙනා සහ තරුණිය තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories