විමල් වීරවංශ තෙවන දිනටත් ආහාර වර්ජනයේ - අධිකරණයට යළිත් ඇප ඉල්ලූම් පත්‍රයක්

Friday, 24 March 2017 - 12:47

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (24) තුන්වන දිනටත් ආහාර වර්ජනය කරමින් උපවාසයේ නිරත වනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සදහන් කළේ අද උදෑසන ද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය වෛද්‍යවරුන් පරීක්ෂා කළ අතර සෞඛ්‍ය තත්ත්වයේ බරපතල ගැටලූවක් නොමැති බවයි.

කෙසේ වෙතත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා ආහාර වර්ජනය කිරීමත් සමග ඔහුගේ දියණිය සහ පුත්‍රයා ද ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයන් මත ඊයේ දිනයේදී රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

පුත්‍රයා ප්‍රතිකාර ලබා ඊයේ පස්වරුවේ රෝහලෙන් පිටවගොස් ඇති අතර දියණිය රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇය මේ වනවිටත් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශය වෙත සදහන් කළේ.

මේ අතර, විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ උපවාසය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ද අද පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ඇප ලබා ගැනීම සදහා අධිකරණය වෙත නැවතත් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම, වමේ කේන්ද්‍රය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එහි සම කැදවුම්කරු චමීර පෙරේරා කියා සිටියේ මෙම සිද්ධියට අදාළව විමල් වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා එල්ල කරන අනෙකුත් පාර්ශවයන්ගෙන් ද ප්‍රකාශ ලබා ගත යුතු බවයි.

කෙසේ වෙතත්, මේ වනතුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවැනි පියවරක් නොගැනීම හේතුවෙන් එම පරීක්ෂණවල පාරදෘෂ්‍යභාවය පිළිබදව බරපතල සැකයක් මතුවන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, ආණ්ඩුව වැදගත්කොට සලකන පුද්ගලයින් සම්බන්ධව අධිකරණය ක්‍රියා කරන්නේ ආණ්ඩුවේ බලවතුන්ගේ උපදෙස් මත යැයි විශ්වාස කිරීමට ජනතාව පෙළඹී සිටින බව උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

මන්ත්‍රීවරයා කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් පෙරේදා සදහන් කළේ ජනවාරි 10 වනදා සිට රක්ෂිත බන්ධනාගාර ගත කළ තමන් තුන් වතාවක් ඇප ඉල්ලා සිටියද එම අවස්ථා තමාට හිමි නොවූ බවයි.

මන්ත්‍රීවරයා සිය ලිපියෙන් කතානායකවරයා වෙත වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ආණ්ඩුවේ එක්තරා මන්ත්‍රීවරියක් පුද්ගලයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැය භාගයක පමණ සුළු කාලයකින් ඇයට ඇප ලබාදුන් බවයි.

එම අවස්ථාවේදී ඇප ලබාදීම සිදුව ඇත්තේ අධිකරණයට ආණ්ඩුවේ කුමන හෝ පාර්ශවයකින් එල්ල වූ බලපෑමක් මත බව යන්න රහසක් නොවන බවයි මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories