නාවික හමුදා යාත්‍රාවක ගැටුණු යාත්‍රාවක සිටි ධීවරයෙකු මරුට

Friday, 24 March 2017 - 13:27

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක ගැටුණු ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මියගොස් තිබෙනවා.

වෙඩිතලතිව් මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රාවක නාවික හමුදා යාත්‍රාව අද උදෑසන මෙලෙස ගැටී ඇති බව සදහන්.

එහිදී එම ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයා දියට ඇද වැටී ඇති අතර, නාවික හමුදා යාත්‍රාවේ සිටි නිලධාරින් ඔහු බේරාගෙන රෝහල් ගත කර තිබෙනවා.

එහෙත්, රෝහල් ගත කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නාවික හමුදා නිලධාරින් දෙදෙනා ප්‍රකාශ ලබා ගැනීම සදහා වෙඩිතලතිව් පොලිසියට කැදවා ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories