විමල් වීරවංශ යළිත් ඇප ඉල්ලයි - තීන්දුව අප්‍රේල් 3

Friday, 24 March 2017 - 13:38

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+3
දියණියගේ අසනීප තත්ත්වය සලකා බලමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥයින් මෝසමක් මාර්ගයෙන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන තීන්දුව අප්‍රේල් මස 3 වනදා ප්‍රකාශයට පත් කරන බවයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රකාශ කර ඇත්තේ.

 මේ අතර, බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද තුන්වන දිනටත් ආහාර වර්ජනය කරමින් උපවාසයේ නිරත වනවා.

කෙසේ වෙතත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා ආහාර වර්ජනය කිරීමත් සමග ඔහුගේ දියණිය සහ පුත්‍රයා ද ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයන් මත ඊයේ දිනයේදී රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

පුත්‍රයා ප්‍රතිකාර ලබා ඊයේ පස්වරුවේ රෝහලෙන් පිටවගොස් ඇති අතර දියණිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ තවමත් ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories