හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ, ඔබාමා කෙයා හෙවත් ඔබාමා සත්කාරය සෞඛ්‍ය රක්ෂණ වැඩපිළිවෙල නතර කිරීම සඳහා වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ යෝජනාව ඇමරිකානු කොංග්රස් මණ්ඩලයෙන් ඉවත් කරගෙන තිබෙනවා.
ජනපති ට්‍රම්ප්ගේ නව ඇමරිකානු සෞඛ්‍ය ප්‍රතිපත්ති පනත් කෙටුම්පත පිළිබද ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදියි.
එහෙත් එය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය අවම ඡුන්ද සංඛ්‍යාව වූ මහජන නියෝජිතයන් 215 දෙනෙකුගේ සහාය නොමැතිවීමෙන් කෙටුම්පත ඡන්ද විමසීමට ඉදිරිපත් නොකරම ඉවත් කර ගැනීමට සිදුවුණා.
ඇමරිකානු කොංග්රස් මණ්ඩලයේ මෙන්ම සෙනෙට් මණ්ඩලයේ බලය හිමිව ඇත්තේ ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටයි.
එහෙත් ඔහුගේ නව සෞඛ්‍ය පනතට ඇතැම් රිපබ්ලිකන් පාක්ෂික මහජන නියෝජිතයන් විරෝධය දක්වා තිබෙනවා.
ඇතැමුන් එය ජනතා සහන කපා හැරීමක් ලෙස හඳුන්වන අතර, ඇතැමුන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රමාණවත් අන්දමින් ඔබාමාගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සංශෝධනය කර නොමැති බවයි.
ඔබාමා සත්කාරය අවසන් කිරීම ජනපති ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක්.
මේ නිසා සිය පාලන කාලය ආරම්භයේදීම මෙලෙස පොරොන්දු වූ පනතක් සම්මත කර ගැනීමට නොහැකිවීම ජනපති ට්‍රම්ප් ලද බලවත් පරාජයක් ලෙසයි සැලකෙන්නේ.

Follow US
Most Viewed Stories