විමල් සිව්වන දිනටත් උපවාසයේ

Saturday, 25 March 2017 - 7:09

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A
රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ අද සිව්වන දිනටත් ආහාර වර්ජනය කරමින් උපවාසය නිරත වනවා.

මන්ත්‍රීවරයාගේ දියණිය ද ආහාර වර්ජනය කිරිම හේතුවෙන් පෙරේදා දිනයේදි රෝහල් ගත කෙරුණා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විමල් විරවංශ මන්ත්‍රීවරයා අධිකරණයට ඊයේ දිනයේදි මෝසමක් ඉදිරිපත් කළා.

ඒ සම්බන්ධයෙන් වූ තීන්දුව අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බවයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රකාශ කළේ.

මේ අතර ඊයේ රාත්‍රියේ වෛද්‍ය කණ්ඩායමක් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදුකළ බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories