පුද්ගලයෙකු පැහැර ගත් තරුණියන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට

Saturday, 25 March 2017 - 8:10

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කැළණිය - නගරයේදී පුද්ගලයෙකු පැහැර ගත් තරුණියන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තිබුණා.

පසුව පොලීසිය සිදුකළ විමර්ශනයකදී පැහැර ගැනීම සිදුකළ තරුණියන් දෙදෙනෙකු සහ තරුණයන් 3 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා සහ පැහැර ගැනීමට පැමිණි තරුණිය අතර කලක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එහෙත් පසුව ඇති වූ ආරවුලක් මත මොවුන් දෙදෙනා අතර මතභේද හටගෙන ඇති අතර, ඉන් අනතුරුවයි පෙම්වතිය විසින් අමනාප වී සිටි පෙම්වතා ඊයේ ත්‍රිරෝද රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ.
 
කෙසේ වෙතත්, පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පැහැර ගැනීමට පැමිණි පෙම්වතිය සහ තවත් තරුණියක් මෙන්ම පුද්ගලයන් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස 18ත්, 25ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් කැළණිය - පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

පෙම්වතිය ඇතුළු සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories