ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රේගුව නොමඟ යැවීමේ වෑයමක

Saturday, 25 March 2017 - 12:09

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%91%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A
පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට රේගු බලධාරීන් නොමඟ යැවීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ, හෙරොයින් මත්කුඩු සමඟ ඊයේ රේගුව මගින් අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදියි.

මෙලෙස ඊයේ අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයා කටාර් රාජ්‍යය වෙත ගොස් එහි සිට මත්කුඩු මෙරටට රැගෙන විත් ඇති බවටයි හෙළි වුණේ.

මීට පෙර ද පාකිස්තාන ජාතිකයෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් අතර ඔහු පාකිස්තානයේ සිට ඩුබායි රාජ්‍යය වෙත ගොස් යළි මෙරටට පැමිණ තිබුණා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඍජුවම ශ්‍රී ලංකාවට පැමිණීමට හැකියාව තිබියදී මෙලෙස මැදපෙරදිග රාජ්‍යයන් වෙත ගොස් මෙරටට පැමිණෙන්නේ රේගු බලධාරීන් නොමඟ යැවීමේ සැලසුමක් මත බව හෙළි වී තිබෙනවා.
 
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන මෙරට බලධාරීන් පාකිස්තානය පිළිබදව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

එම අවධානය වෙනස් කිරීම සඳහා මෙම උපක්‍රමය භාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා ගුවන්තොටුපල රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories