ළමයින් අතර උණ රෝග 3ක් පැතිරේ

Saturday, 25 March 2017 - 12:23

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
දිවයින පුරා උණ රෝග වර්ග තුනක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ  පවසනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ විශේෂයෙන් ළමයින් අතර මෙම උණ රෝග පැතිර යන බවයි.

ගැබිණි මව්වරුන් ද අවදානම් කණ්ඩායමක් ලෙස සැලකෙන බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.

ඩෙංගු රෝගය, ඒ.එච්.වන්එන් වන් සහ ඩෙංගු වලට සමාන වෛරසයක් මෙලෙස පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සදහන් කළේ පවතින උණ රෝග තත්ත්වයන් පිළිබදව සිය සංගමය ද දැඩි අවධානය යොමු කර ඇති බවයි.

රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් පිළිබදව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වෛද්‍යවරුන් දැනුවත් කර ඇති බව ද එම සංගමය සදහන් කළා.                   

 මේ අතර, ඩෙංගු රෝගය සහ ඒ.එච්.වන්.එන්.වන් රෝග මර්දනය සදහා අවශ්‍ය අමතර ඖෂධ තොග ඉදිරි සතිය වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.

අමාත්‍යාංශය විසින් සිදුකළ ක්ෂණික ඇණවුමකට අනුව මූලික අදියරේදී ඖෂධ කරල් 50,000කට අධික ප්‍රමාණයක් ලැබෙනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වෛද්‍ය සැපයුම් අංශය සදහන් කළේ.

ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන්. වෛරසය ආසාදනය වීමෙන් 50 දෙනෙකුට අධික පිරිසක් ලූණුගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන් බහුතරය කුඩා දරුවන් සහ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories