බංග්ලාදේශයේ අයි.එස්. ප්‍රහාර දෙකකින් හතරදෙනෙකු මරුට

Sunday, 26 March 2017 - 7:27

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඊසානදිග බංග්ලාදේශයේ ඊයේ සිදුවූ පිපිරීම් දෙකකින් පොලිස් නිලධාරියෙකු ඇතුලූ පුද්ගලයන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අන්තවාදී ඉස්ලාමීය සාමාජිකයන් සොයා බංග්ලාදේශ කමාන්ඩෝ භටයන් සිදුකළ මෙහෙයුමක් අතරතුරදී මෙම පිපිරීම් සිදුව තිබෙනවා.

සිල්හෙට් ප්‍රදේ්ශයේ නිවහන් ගොඩනැගිලි සංකීර්ණයක් අසළදී පිපිරීම් සිදුව ඇත්තේ ආරක්ෂක අංශ සහ සන්නද්ධ පුද්ගලයන් අතර වෙඩි හුවමාරුවක් සිදුවන අතරතුරයි.

මෙහෙයුම සිදුකිරීමට පෙර මෙම මහල් ගොඩනැගිලිවල සිටි සිවිල් වැසියන් බොහොමයක් ඉවත් කර ගැනුනා.

පළමු පිපිරුම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එල්ල කළ බෝම්බයක් නිසා සිදුව ඇති අතර, දෙවැන්න වෙළඳපොලේ එළවළු මළු අතර සැගවූ බෝම්බයක් පිපිරීමෙන් සිදුව තිබෙනවා.

පසුව අයි.එස්. සංවිධානය මෙම බෝම්බ පිපිරීම් තමන් සිදුකළ බවට අන්තර්ජාලයට ප්‍රකාශයක් එක්කළා.

කෙසේ නමුත් අයි.එස්. සහ අල්කයිඩා සංවිධාන බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක වන බව එරට රජය ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories