රිය අනතුරුවලින් දිනකට 8 දෙනෙකු මරුට

Sunday, 26 March 2017 - 7:47

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දිවයින පුරා රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 8 දෙනෙකු පමණ මියයන බව පොලිස් රථවාහන මූලස්ථානය පවසනවා.

මෙයට ප්‍රධානතම හේතුව රියදුරන්ගේ සහ පදිකයන්ගේ නොසැලකිල්ල බවයි පොලිස් රථවාහන මූලස්ථානයේ, ස්ථානාධිපති කිත්සිරි කුමාර සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දක්වමින්  ඔහු කියා සිටියේ අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සියළුම දැනුවත් කිරිමේ වැඩසටහන් සහ නීතිමය ක්‍රියාමාර්ග රථවාහන පොලිසිය මගින් දෛනිකව සිදු කරන බවයි.

රිය අනතුරු වැළැක්වීම සඳහා පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් 8000 ක් සේවයේ නිරත වනවා.

දිවයින පුරා රථවාහන ලක්ෂ 67 ක් පමණ ලියාපදිංචි වී ඇති අතර, එයින් ලක්ෂ 37 ක් යතුරුපැදි වන අතර, ලක්ෂ 11 කට අධික සංඛ්‍යාවක් ත්‍රිරෝද රථ වනවා.

2016 වසර තුළ රිය අනතුරු 2824 වාර්තා වී ඇති අතර, එම අනතුරුවලින් පුද්ගලයින් 3003 ක් මිය ගොස් ඇති බවයි පොලිස් රථවාහන මූලස්ථානයේ, ස්ථානාධිපති කිත්සිරි කුමාර සඳහන් කළේ.

රියදුරන් මෙන්ම පදිකයන්ද නිසි පරිදි සැලකිලිමත්ව මාර්ග නීති අනුගමනය කිරිමෙන් රිය අනතුරු වලක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත්  සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories