රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය තුළ උපවාසයක නිරතවූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද උදෑසන බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගියා.
අද උදෑසන වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙලෙස බන්ධනාගාර රෝහල වෙත යාම ප්‍රතික්ෂේප කළ බවයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත සඳහන් කළේ.
කෙසේ වෙතත් පසුව බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මන්ත්‍රිවරයා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
එහිදී මහා සංඝරත්නය පැමිණ පිරිත් සජ්ඡායනා කළ බවද සඳහන්.
රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි මස 10 වනදායි.
ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී යළි ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියම වුණේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරය තුළ සිට මීට දින පහකට පෙර උපවාසයක් ආරම්භ කළා.
මන්ත්‍රිවරයාගේ එම ආහාර වර්ජනයත් සමග ඔහුගේ පුත්‍රයා සහ දියණියද ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රෝගාතුරවීම නිසා රෝහල් ගත කෙරුනා.
මේ අතර විමල් වීරවංශ මන්ත්‍රිවරයා වෙනුවෙන් ඇප ලබාගැනීම සඳහා යළිත් වරක් අධිකරණයට සංශෝධිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

Follow US
Most Viewed Stories