දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකියන් තුන්දෙනෙකු හදිසියේ මියයයි

Sunday, 26 March 2017 - 10:08

%E0%B6%AF%E0%B6%B9%E0%B6%AF%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දඹදිව වන්දනාවේ ගොස් සිටියදී හදිසියේ මියගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් තුන්දෙනෙකුගේ මළ සිරුරු දිවයිනට රැගෙන විත් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ මළ සිරුරු දෙකක් රැගෙන ආ අතර පසුගිය 23 වනදා තවත් මළ සිරුරක් කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන ආ බවයි.

මොවුන් සියලූදෙනා එකම වන්දනා නඩයක පිරිසක් බවයි අනාවරණ වී ඇත්තේ.

අධික ශීතල හේතුවෙන් ඇතිවූ රෝගාබාධ තත්ත්වයන් මොවුන් මියයාමට හේතුව ලෙස සැළකෙනවා.

කෑගල්ල ප්‍රදේශයේ වන්දනා සංවිධායක ආයතනයක් මගින් මෙම පිරිස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 13 වනදායි.

එලෙස වන්දනාවේ ගොස් සිටියදී කුරුණෑගල - දඹරගොල්ල ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක් පසුගිය 20 වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඇයගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවයි.

අදාළ කාන්තාවගේ මළ සිරුර දිවයිනට ගෙන ඒමට වන්දනා සංවිධායකයින් ඇයගේ ඥාතීන්ගෙන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව සඳහන්.

අදාළ මුදල බැරකිරීමෙන් අනතුරුව පසුගිය 23 වනදා ඇයගේ සිරුර දිවයිනට රැගෙන ආ බව මියගිය කාන්තාවගේ ඥාතියෙකු සඳහන් කළා.

එම වන්දනා නඩයේම තවත් කාන්තාවක් මියගොස් ඇත්තේ පසුගිය 22 වනදායි.

ඇයද කුරුණෑගල ප්‍රදේශයේම පදිංචි කාන්තාවක්.

එදිනම මාතර - වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන්ගේ මෘතශරීර ඊයේ පස්වරුවේ දිවයිනට රැගෙන ආ බව හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළා.

එම මෘතශරීර දිවයිනට ගෙන ආ අවස්ථවේදී මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ද ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories