කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදය තවදුරටත්

Monday, 27 March 2017 - 7:41

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
කොළඹ - කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය පවසනවා.

කොළඹ - කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ සිදුවූ පීලිපැනීම තවමත් යථා තත්ත්වයට පත් කර නොතිබීම ඊට  හේතුවයි.

පාලක මැදිරිය සඳහන් කළේ පීලිපැනීමට ලක්වූ දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු අවසන් කර තිබුණද දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවයි.  

එම කටයුතු අවසන් වනතුරු මෙම දුම්රිය ප්‍රමාදය පවතින බවද පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories