දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනියට තවත් පැමිණිල්ලක්

Monday, 27 March 2017 - 10:06

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
තනතුරෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවෙන් හේ  අත්අඩංගුවට ගැනීමට  ඇති හැකියාව පිළිබඳව එරට නීතිපතිවරයා අධිකරණයෙන් කරුණු විමසා තිබෙනවා.

හිටපු ජනාධිපතිනියට දූෂණ චෝදනා එල්ලවී තිබීම ඊට හේතුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  

පාර්ක් ගුවෙන් හේ සිය තනතුරෙන් ඉවත් කිරීමට දකුණු කොරියානු අධිකරණය පසුගියදා තීන්දු කළ අතර මෙලෙස බලයෙන් ඉවත් කෙරුණු දකුණු කොරියාවේ ප්‍රථම ජනාධිපතිනිය ද ඇය වනවා.

තනතුරෙන් ඉවත් කිරීමේදී ඇයට එරෙහිව නඩු පැවරීමට නොහැකිවන පරිදි පැවති ජනාධිපති වරප්‍රසාද ද අධිකරණය මගින් ඉවත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories