අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා අද මහාධිකරණයට දැනුම් දුන්නා.
ඒ 2010 ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට සහය දැක්වීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ට රුපියල් ලක්ෂ 42ක මුදල් අල්ලස් වශයෙන් ලබාදුන් බවට නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව කැදවූ අවස්ථාවේදීයි.
මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හමුවේ අද මෙම නඩුව විභාගයට ගත්තා.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා ඇතුළු දෙදෙනෙකුට එරෙහිවයි මෙම නඩුවෙන් නීතිපතිවරයා චෝදනා එල්ල කර තිබුණේ.
අදාල නඩුවේ පැමිණිලි පාර්ශවයේ 18 වන සාක්ෂිකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නම් කර තිබෙනවා.
අද දිනයේ නඩු විභාගය පැවැත්වෙන බැවින් සාක්ෂිකරුවන්ට අධිකරණයට පැමිණෙන ලෙස සිතාසි යවා තිබූ අතර මොහොමඩ් මුසම්මිල් ඇතුළු අනෙකුත් සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අධිකරණයේ හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමිනුයි බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ඔහුට අධිකරණයට පැමිණිය නොහැකි බව ප්‍රකාශ කර තිබුණේ.
තමාට ඇප ලබාදෙන ඉල්ලා විමල් වීරවංශ මන්ත්‍රීවරයා උපවාසයක් ආරම්භ කර ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට වෛද්‍යවරුන් නිර්දේශ කිරීම හේතුවෙන් ඊයේ බන්ධනාගාර රෝහල වෙත ඇතුලත් කෙරුණා.

Follow US
Most Viewed Stories