දුම්රිය එන්ජින් රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ දියත් කිරීමට සැළසුම් කර ඇති සංකේත වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ නියෝජිතයින් අතර එම අමාත්‍යාංශයේ අද පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.
අමාත්‍යවරයා සමග අද පැවති සාකච්ඡාවේදී එළඹුණු එකඟතා මත මෙම වර්ජනය අත්හිටවූ බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය කියා සිටියේ.
මේ අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කොළඹ - කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාද වන බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ ප්‍රකාශ කළා.
හානියට ලක්වූ එක් මාර්ගයක් මේ වනවිට පිළිසකර කර අවසන් අතර අනෙක් මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරටත් සිදුවන බවයි ඔහු කියා සිටියේ.
තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව බලා පැමිණි දුම්රිය මාළිගාවත්ත දුම්රිය අංගනය වෙත ධාවනය වෙමින් තිබියදී මරදාන දුම්රියපල ආසන්නයේදී පීලිපැනීමට ලක්වූයේ ඊයේ පස්වරුවේයි.
මේ නිසා අදාළ දුම්රියේ මැදිරි දෙකකට සහ සංඥා කුළුණකටද හානි සිදුවුණා.

Follow US
Most Viewed Stories