රවිරාජ් නඩුව යළිත්, නිදහස් වූ හමුදාවේ තුන්දෙනා සොයාගන්න නෑ

Tuesday, 28 March 2017 - 11:52

%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C++%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%91
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන්ව සිටියදී අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ  නාවික හමුදාවේ තිදෙනා සිටිනා තැනක් අනාවරණය කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙස අධිකරණය  නීතිපතිවරයාට අද නියෝහ කළා.

ඒ නඩරාජා රවිරාජ් ඝාතන නඩුව නැවත විභාගයට විභාගයට ගන්නා ලෙස ශෂිකලා නඩරාජා විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝදන අයදුම් පත්‍රය අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන H.C.J.මඩවල සහ L.D.O දෙහිදෙණිය හමුවේ කැඳවු අවස්ථාවේදී.

එහිදී ශෂිකලා නඩරාජා වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ M.A සුමන්දිරන් අධිකරණයට පෙන්වා දුන්නේ ප්‍රතිශෝදන අයදුම් පත්‍රයේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති නාවික හමුදාවේ නිලධාරීන් තිදෙනා සිටිනා තැනක් තහවුරුකර ගැනීමට නොහැකි බැවින් ඔවුනට නොතීසි භාරදීමට නොහැකි බවයි.

එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය 06 වන මස 19 වන දින මෙම නඩුව නැවත කැඳවීමට තීරණයකර තිබෙනවා.










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories