දේශපාලනයට එන බවට ගෝඨාගෙන් ඉඟියක්

Tuesday, 28 March 2017 - 12:50

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික දේශපාලනයට පිවිසීමට තමන්ගේ අදහසක් ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉඟියක් කර තිබෙනවා.

ඒ, මෙරට සිටින විදේශීය ප්‍රවෘත්ති සේවාවන් හි මාධ්‍යවේදීන් සමඟ ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදියි.

කෙසේ නමුත්, ඒ පිළිබදව තමන් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා සදහන් කර ඇත්තේ.

තමා දේශපාලනයට පිවිසීමට සූදානම් දැයි ඔහු වෙත ඉදිරිපත් වූ පැණයට පිළිතුරු වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ රට වෙනුවෙන් යම් සේවයක් කළ හැකි නම්, තමා ඊට නොපැකිලෙන බවයි.

තමාට ඒ සඳහා හැකියාවක් ඇති අතර, තමා එය ඔප්පු කර ඇති බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

යුද්ධයේදී මෙන්ම නාගරික සංවර්ධනයේදී කිසිවෙකු නොකළ දෑ තමා සිදුකළ බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ.

යුද්ධයේදී මිය ගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් ජගත් සංවිධානය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන හිටපු ආරක්ෂක ලේකම්වරයා අභියෝගයට ලක් කළා.

ඔවුන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන සහ සැබෑ සිදුවීම් අතර, දැඩි පරස්පරයක් පවතින බවයි විදෙස් මාධ්‍යවේදීන් හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සදහන් කර ඇත්තේ.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළ පරිදි විරුද්ධවාදීන් සහ මාධ්‍යවේදීන් මර්දනය කිරීම සඳහා තමා ආරක්ෂක ලේකම් ධුරය හොඹවන සමයේ ඝාතන කල්ලි පවත්වාගෙන ගිය බවට එල්ල වන චෝදනා ද හිටපු ආරක්ෂක ලේකම්වරයා තරයේ ප්‍රතික්ෂේප කළ බවයි හින්දු පුවත්පත වෙනුවෙන් මෙම මාධ්‍ය හමුවට එක්වූ මීරා සිරිනිවාසන් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories