ඩෙබී චණ්ඩ මාරුතයෙන් ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයට හානි රැසක්

Tuesday, 28 March 2017 - 13:24

%E0%B6%A9%E0%B7%99%E0%B6%B6%E0%B7%93+%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
දැඩි විනාශකාරී බලපෑමක් සිදුකරනු ඇතැයි විශ්වාස කෙරෙන ඩෙබී සුළි සුළඟ මේ වනවිටත්  ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගෙඩනැගිලි රැසකට හානි සිදුකර ඇති බව වාර්තා වනවා.

විදුලිය විසන්ධි වීමෙන් නිවාස 45,000ක් පමණ අඳුරේ පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මෙම තත්ත්වය මත හදිසි ආපදා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

වෙරළාසන්න ප්‍රදේශවලින් 25,000ක් පමණ ජනයා ඉවත් කරගෙන තිබෙනවා.

සුළි සුළඟත් සමඟ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 150 - 500ත් අතර වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ඕස්ට්‍රේලියානු කාලගුණ අංශ ප්‍රකාශ කළා.
 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories