මන්නාරමට 2ක් වැඩිවෙයි, යාපනයට 2ක් අඩුවෙයි

Tuesday, 28 March 2017 - 14:30

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+2%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දහවල් කාලයේ මන්නාරමේ උපරිම උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2කින් ඉහළ ගොස් ඇති අතර යාපනයේ රාත්‍රී කාලයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් පහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

අද(28) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය මිලි මීටර් 143, හම්බන්තොට මිද්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.8 පුත්තලමෙන් වාර්තා වී තිබෙනවා.

අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 16.6 නුවරඑළියෙන් වර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
අද(28) දහවල් 1.00ට නිකුත් කළ වාර්තාව පහත දැක්වේ .


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories