සරසවි සිසු උද්ඝෝෂණයක් නිසා ටවුන් හෝල් හිරවෙයි (ඡායාරූප)

Tuesday, 28 March 2017 - 14:43

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අන්තර් විශ්වවිද්‍යාලයීය  ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් ටවුන් හෝල් අවට අධික රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.

සරසවි සිසුන් බඳවා ගැනීමේ ප්‍රතිශතය ඉහළ දැමීම සහ අදාළ පුරප්පාඩු පිරවීම යන ගැටලුවලට විසදුම් ඉල්ලා මෙම පාගමන සංවිධානය කර තිබෙනවා.   

2015/2016 අධ්‍යයන වර්ෂයට ජාතික විශ්වවිද්‍යාල සඳහා පුරප්පාඩු 1269ක් පවතින බව පවසන අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය කියා සිටින්නේ ඒවාට පැමිණීමට සිසුන් රට තුළ සිටින නිසා ආණ්ඩුව විශේෂ වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් සකස් කර සති කිහිපයක් ඇතුළත එම බඳවා ගැනීම් කළ යුතු බවයි.

මේ, උද්ඝෝෂණයේ දී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories