මුස්ලිම් කොංග්‍රස් හිටපු සභාපතිගෙන් පොලීසිය ප්‍රශ්න කරයි

Tuesday, 28 March 2017 - 15:56

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ බසීර් සේගුදාවුද් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දහවල් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණියා.

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් සිදුකළ පැමිණිල්ලකට අදාළව  ඔහුගෙන් මෙම ප්‍රකාශය ලබාගන්නා බවයි පොලීසිය සඳහන් කළේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට අපහාස වන අයුරින් දරුසලාම් සැඟවුණු සත්‍ය නමින් පොතක් මුද්‍රණය කර බෙදාහැරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ලැබී තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  හිටපු සභාපති බසීර් සේගුදාවුද් කියා සිටියේ මෙම පොත මුද්‍රණය කිරීමට තමාගේ සම්බන්ධයක් නොමැති බවයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුද වන බසීර් සේගුදාවුද්ගේ පක්ෂ සාමාජිකත්වය මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය විසින් පසුගියදා අත්හිටවනු ලැබුවා. ඒ, පක්ෂ විනය උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories