ගාස්තු නොගෙවූ මහනුවර කිංග්ස්වුඩ් සිසුන් පිරිසකට වාර විභාගය අහිමි වෙයි

Tuesday, 28 March 2017 - 18:52

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාසල් සංවර්ධන ගාස්තු එකවර නොගෙවීම නිසා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබන තම දරුවන්ට වාර විභාගයට පෙනී සිටීමට අවස්ථාව අහිමිකර  ඇතැයි ඔවුන්ගේ දෙමව්පියන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ඊට අදාළ තොරතුරු හෙළි කරමින් ඔවුන් කියා සිටියේ සිසුන් 50 කට වැඩි පිරිසක් මෙම තත්ත්වයට මුහුණදී ඇති බවයි.  

විභාගය පැවැත්වෙන අවස්ථාවේදී අදාළ ගාස්තු නොගෙවූ සිසුන්ට පන්ති කාමරවලින් පිටතට යන ලෙස විදුහල් බලධාරීන් දැනුම්දුන් බවද එම දෙමව්පියන් සඳහන් කළා.   

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ තිලක් ඒකනායකගෙන් ද විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ටද පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

ඒ පිළිබඳ සොයා බලන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට නියෝග කළ බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කියා සිටියා.

අදාළ සිද්ධිය පිළිබඳව තමන්ටද පැමිණිල්ලක් ලැබී ඇති බැවින් හෙට ඊට අදාළව කරුණු සොයාබලන බව  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

අප කළ විමසීමකදී මහනුවර කිංග්ස්වුුඩ් විද්‍යාලයේ විදුහල්පති පී. වීරතුංග  ප්‍රකාශ කළේ ආර්ථික අපහසුතා ඇති සිසුන් සිටීනම් ග්‍රාමසේවා සහතිකයක් මගින් ඒ පිළිබඳ පාසල දැනුම්වත් කරන ලෙස මීට පෙර සිසුන්ට දැනුම්දී ඇති බවයි.

එවැනි සිසුන්ගේ අභියාචනා සළකා බැලීමට සූදානම් බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ සිසුන් එම උපදෙස් පිළිපැද නොමැති බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.

සිසුන් පිරිසකට වාර විභාගයට පෙනී සිටීමට ඉඩ ලබා නොදුන් බවට එල්ලවන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළේ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories