එජාපයේ තනතුරු වෙනසක්

Tuesday, 28 March 2017 - 19:54

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඉදිරියේදී සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේ සංයුතිය කුමක් වුවත් තම පක්ෂය ඊට මුහුණ දිමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් ප්‍රකාශ කළා.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ලබන මස 05 වනදා පැවැත්වීමට නියමිතව ඇති බවයි.

එහිදී පක්ෂයට වෙනත් පක්ෂවලින් එක්වූ නියෝජිතයින්ට වටිනාකමක් ලබාදීමේ පදනම යටතේ නව තනතුරු කිහිපයක් ඇති කිරීමට අදහස් කර ඇති බවද අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියා.

ඒ අනුව අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ටද තනතුරක් හිමිවනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories