දේශපාලන පක්ෂ ලේකම්වරු අද මැතිවරණ කොමිසම හමුවට

Wednesday, 29 March 2017 - 7:53

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ප්‍රමාද වී ඇති පළාත් පාළන මැතිවරණයේ ඡන්ද විමසීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම, මැතිවරණ අණපනත් වලට ගෙන ආ යුතු සංශෝධනයන් පිළිබඳව සහ ලියාපදිංචිය ඉල්ලා ඇති නව දේශපාලන පක්ෂ පිළිගැනිම සම්බන්ධයෙන්ද මෙහිදී මුලිකව සාකච්ඡා කිරිමට නියමිතයි.

එමෙන්ම 2017 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛණය ප්‍රතිශෝධන කටයුතු වලට පක්ෂ වලින් නියෝජිතයින් පත්කිරිම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා වනු ඇති බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් ප්‍රකාශ කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories