ජාතික මදුරු මර්දන සතිය අද සිට

Wednesday, 29 March 2017 - 8:58

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අද සිට අප්‍රේල් 4 වන දා දක්වා ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ද සිසුන් හා දෙමාපියන්ගේ ශ්‍රම සහභාගීත්වයෙන් පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙසයි සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත්තේ.

ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ සහයෝගය ලබා ගන්නා ලෙස ද දැනුම් දී තිබෙනවා.

ඩෙංගු උවදුර රට පුරා වසංගතයක් වී ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories