වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු දැලේ

Wednesday, 29 March 2017 - 10:44

%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු ආනමඩුව - ඌරියාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව හදිසි මාර්ග බාධක යොදා ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් අවුරුදු 34, 36 සහ 37 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

මොවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි ආනමඩුව පොලිසිය කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories