එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක තමාට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීම අප්‍රේල් මස 03 වැනිදා සිදු කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද (29) ප්‍රකාශ කළා.
අප්‍රේල් මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ සිටින සිය දියණිය බැලීම සඳහා විදේශ ගතවීමටයි තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට විපක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පොදු අපේක්ෂක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම මඟින් ජනාධිපතිවරණ මැතිරවණ ප්‍රතිඵලයට බලපෑම් ඇති කිරීම ඇතුළු අධි චෝදනා 03ක් යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.
මෙම නඩුවට අදාලව තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයාට ඇප ලබාදී ඇති අතර විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

Follow US
Most Viewed Stories