ඩෙබී සුළි කුණාටුවෙන් පසු ඊසානදිග ඕස්ට්‍රේලියාවට ගංවතුර තත්ත්වයක්

Wednesday, 29 March 2017 - 12:47

%E0%B6%A9%E0%B7%99%E0%B6%B6%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාවේ  - කුවින්ස්ලන්ත ප්‍රාන්තයට බලපෑ ඩෙබී සුළි කුණාටුවෙන් පසු එරට ඊසාන දිග ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

සුළි කුණාටුවෙන් ප්‍රාන්තයේ දේපළවලට සිදුවූ හානි තක්සේරු කිරීම සඳහා එරට යුද හමුදාවේ හදිසි මෙහෙයුම් කණ්ඩායමක් ද එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මේ වනවිටත් නිවාස 60,000ක් පමණ විදුලිය නොමැතිව අඳුරේ පවතින අතර, ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.

කුවින්ස්ලන්ත ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවලින් 25,000ක් පමණ ජනයා ඉවත් කෙරුණු අතර, සුළි කුණාටුවත් සමඟ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ මිලිමීටර් 250 ක වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories