මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමට යොදා ගත් බවට සැක කෙරෙන වෑන් රථය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු අපරාධ රැසක් සිදුකිරීම සදහා ද භාවිත කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින යුද හමුදා මේජර් බුලත්වත්තගේ හිතවත් කාන්තාවකගේ පිලියන්දල ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) මෙම වෑන් රථය සොයා ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයෙකු ලෙස කටයුතු කළ කීත් නොයාර් 2008 වසරේ මැයි මස 22 වනදා පැහැර ගෙන ගොස් පහරදී තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු, යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Follow US
Most Viewed Stories