මධ්‍යම පළාතේ ඉන්ෆ්ලුවෙන්සා වැඩි වශයෙන් පැතිරෙයි

Wednesday, 29 March 2017 - 13:44

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මධ්‍යම පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් රෝගය වැඩි වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා.

පළාතෙන් මේ වනවිට රෝගය වැළදුණු පුද්ගලයින් 204 ක් වාර්තා වී ඇති අතර, තවත් 17 දෙනෙකු මියගොස් ඇති බව සදහන්.

මියගිය පුද්ගලයින් අතර, ගැබිණි කාන්තාවක් සිටින බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එමෙන්ම, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින් ද ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් රෝගීන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම කියා සිටියේ.

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළදුණු පුද්ගලයින් වහාම වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගය ව්‍යාප්ත වීම අවම කර ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories