කොටුව දුම්රිය ස්ථානය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අනුබල දුන් පුද්ගලයෙකුට වසර 20 ක සිරදඩුවමක්

Wednesday, 29 March 2017 - 14:29

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+20+%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොටුව දුම්රිය ස්ථානය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සදහා බෝම්බ ප්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ සාමාජිකාවකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකුට කොළඹ විශේෂ මහාධිකරණය විසින් වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මෙලෙස දඩුවම් නියම කළේ කනකසබෙයි දේවාදාසන් හෙවත් නාදන් නමැති පුද්ගලයෙකුටයි.

2008 පෙබරවාරි 3 වනදා සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ බේස් බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයින් 8 දෙනෙකු සහ පුහුණුකරු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 92 ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories