විමල්ගේ ලේ හා මුත්‍රා පරීක්ෂණයට බාධාවක්

Wednesday, 29 March 2017 - 15:16

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවුණු උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා යොමුකර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා සඳහන් කළේ මන්ත්‍රීවරයාගේ රුධිර සහ මුත්‍රා පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු කරන බවයි.

එහෙත් පරිපූරක වෛද්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම පරීක්ෂණ පිටතින් සිදුකිරීමට සිදුව ඇති බවද ඔහු කියා සිටියා.

ඊට අදාළ සාම්පල් මේ වනවිටත් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර මන්ත්‍රිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කියා සිටියා.

ඒ අනුව ඔහුට ඖෂධ ලබාදීමෙන් වැළකී දැනට සේලයින් පමණක් ලබාදෙන අතර ඔහු තවමත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව සඳහන්.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ වනවිට වාට්ටු අංක 45 හේ ප්‍රතිකාර ලබනවා.

තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු උපවාසය ආරම්භ කර අදට දින අටක්.

මේ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ උපවාසය පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ වුනා.

ජනතා විමුක්ති විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආදරය කරන තරමට ඔහු වීරවංශ මන්ත්‍රීවරයාට ආදරය නොකරන බවයි.

ඒකාබද්ධ විපක්ෂයද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම කියා සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ උපවාසය සම්බන්ධයෙන් ආණ්ඩුව වැරදි මත සමාජගතකර ඇති බවයි.

ආණ්ඩුව ජනතාවට විහිළු සපයමින් සිටින බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කියා සිටියා.

එමෙන්ම බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියද කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ උපවාසය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories