ඉල්ලා අස්වීමේ නිල ලේඛණය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයට භාරදෙයි

Wednesday, 29 March 2017 - 17:38

%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ නිල ලේඛණය බ්‍රිතාන්‍ය විසින් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

(Article 50)ලෙස හැඳින්වෙන මෙම ලේඛණය යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය නියෝජිත ටිම් බැරෝ විසිනුයි ඉදිරිපත් කරනු ලැබුවේ.  

පසුගිය වසරේ ජුනි මස 23 වනදා පැවති ජනමත විචාරණයකින් අනතුරුව තීරණය කෙරුනේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවටයි.

මෙම ඉල්ලීම පිළිබඳ යුරෝපා සංගමයේ සභාපතිවරයා විසින් තීරණයක් ලබාදීමට නියමිතයි.

බ්‍රිතාන්‍යයේ විශේෂ නියෝජිතයකු විසින් අදාළ ලියවිල්ල බ්‍රසල්ස් නුවරට රැගෙන විත් තිබුනේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.

කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර එය ජාත්‍යන්තරයේ දැඩි කථාබහට ලක්වු කරුණක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories