කොළඹ ප්‍රදේශ කිහිපයකට තවමත් ජල සැපයුම නිසි පරිදි නොලැබෙන බවට තොරතුරු

Thursday, 30 March 2017 - 9:01

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට අත්හිටවූ ජල සැපයුම තවමත් නිසි පරිදි නොලැබෙන බවට වාර්තාවනවා.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ ඇතැම් ස්ථානවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබෙන බවයි.

මේ නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවද ඇය කියා සිටියා.

ඊයේ පෙරවරු 9 සිට රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව සහ රත්මලාන යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories