දින 9 ක් පුරා ආහාර වර්ජනය කරමින් උපවාසයේ නිරතවූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිය උපවාසය අත්හැර තිබෙනවා.
එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් සඳහන් කළේ රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි සහ සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි යන නාහිමිවරුන් උපවාසය අත්හරින ලෙස ලිඛිතව සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම උපවාසය අත්හල බවයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අද පෙරවරුවේ මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කර තිබෙනවා.
පසුව එම ස්ථානයට වැඩම කර සිටි භික්ෂුන් වහන්සේලා මන්ත්‍රීවරයාට කිරි වීදුරුවක්ද පානය කිරීමට සැළැස්වූ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලේ 45 වන වාට්ටුවේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරය තුලදී උපවාසයක් ආරම්භ කළ මන්ත්‍රීවරයා වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පසුව බන්ධනාගාර රෝහල වෙත ඇතුලත් කෙරුණා.
ඉන් අනතුරුවයි ඊයේ දිනයේ ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාට මහනාහිමිවරුන්ගෙන් ලැබුනු ලිපි පහතින්..

Follow US
Most Viewed Stories