උණක් නිසා රුහුණේ පීඨ දෙකක් වැසේ

Thursday, 30 March 2017 - 17:15

%E0%B6%8B%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි කර්ම පීඨය සහ තාක්ෂණ විද්‍යා පීඨය අද තාවකාලිකව වසා දැමුණා.

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක අප කළ විමසීමකදී කියා සිටියේ සිසුන් රැසක් අතර පැතිර යන උණ රෝගයක් වසංගත තත්ත්වයක් බවට පත්වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

ඒ අනුව, මාතර - මාපලානේ පිහිටා ඇති කෘෂිකර්ම පීඨය සහ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටා ඇති තාක්ෂණ විද්‍යා පීඨය මෙලෙස වසා දැමුණු අතර සිංහල සහ දෙමළ අවුරුදු නිවාඩු සමය අවසන් වූ ඒවා යළි විවෘත කරන බව ද උපකුලපතිවරයා සදහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories